Ariyadasa Bookshop

  • TEXTBOOKS
  • NOVELS
  • STATIONERY
  • ACADEMIC

ආරියදාස පොත් මැඳුර

ශ්‍රී ලාංකේය ග්‍රන්ථ ඉතිහාසයේ නව පිටුවක් සනිටුහන් කරමින් 1941 වර්ෂයේ දී සාඩම්බර ව්‍යාපාරයක් ලෙස ආරියදාස පොත් මැඳුර වේයන්ගොඩ නගරයේ විවෘත කරන ලදී. එවක සියනෑ කෝරලයේ ප්‍රථම පොත් මැඳුර ලෙස ඇරඹි ආරියදාසය එදා මෙදා තුර දශක 8කට වැඩි කාලයක් වේයන්ගොඩ ප්‍රදේශයේ මෙන්ම අවට සියලු ගම් නියම් ගම් වල ජීවත්වන පාසැල් දරු දැරියන්, විශ්වවිද්‍යාල සිසුන්, වෘත්‍තිකයන් ඇතුලු සැම පොත පතින් සන්නද්ධ කරමින් 2023 වසරේදී සයිබර් අවකාශය අතික්‍රමණය කිරීම මෙසේ සනිටුහන් කරනු ලබයි.

About the Beginning

සමාරම්භය

1949 දී වේයන්ගොඩ තල්ගස්මොටේ ග්‍රාමයේ ගොවි පවුලක උපත ලද කේ.ඒ. ධර්මදාස මැතිඳුන් සිංහල, ඉංග්‍රීසි, පාලි හා සංස්කෘත ආදී භාෂා කීපයක ප්‍රවීනයෙකි. කුඩා කල සිටම හෙළ සිරිතෙන් විරිතෙන් පෝෂණය වූ හෙතෙම අරියසෙන් අහුබුදු ශූරීන්ගේ සමීපතමයෙකි. 1941 වර්ෂයේ දී ආරියදාස පොත් මැඳුර වේයන්ගොඩ නගරයේ ආරම්භ කරන එතුමා 1976 වසරේදී ජීවිතයට සමුදෙන තුරාවටම එම ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් කල අතර එම කාලය පුරාවටම ගොවිකමද අත් නොහැර සිය සියලු උරුමයන් ඉදිරි පරම්පරාවට භාරදෙන ලදී.

About the Bookshop

වැඩි දියුණුව

කේ ඒ මෙත්තසේන කුරුප්පු. ආරියදාස ව්‍යාපාරයේ මීළඟ උරුමක්කාරයා ඔහුයි. 1939 වසරේදී වේයන්ගොඩ තල්ගස්මොටේ උපත ලද එතුමන් වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත්ව වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ උසස් පෙළ හදාරා පේරාදෙණිය විශ්වවිද්යාලයේ ශාස්ත්‍රවේදී උපාධියත් අධ්‍යාපනවේදී ඩිප්ලෝමාව ත් ලබා ගන්නා ලදී. එතුමන්ගේ ප්‍රථම ගුරු පත්වීම ලෙස අනුරාධපුර කලුවිල සේන මහා විද්‍යාලයේ සේවය කළ අතර ඉන් අනතුරුව විගොඩ මහා විද්‍යාලයේත් 1971 වර්ෂයේ සිට 1996 වර්ෂය දක්වා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ආර්ථික විද්‍යා ගුරුවරයා ලෙස සේවය කරන ලදී.

About the Bookshop

වර්ථමානය

කේ ඒ ශ්‍රියාන් මහේන්ද්‍ර කුරුප්පු. මේ වන විට ආරියදාස පුද්ගලික සමාගමේ උරුමක්කරු මෙන්ම පරිපාලන කටයුතු සිදු කරන්නේ ඔහුයි. 1976 වර්ෂයේදී උපත ලබන එතුමන් වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයෙන් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් ව උසස්පෙළ දක්වා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ලදී. අනතුරුව ශ්‍රී ලංකා විවෘත විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමාව හදාරා K.A මෙත්තසේන කුරුප්පු පියාණන් ගේ අභාවයෙන් පසුව ඉතා සාර්ථකව ව්‍යාපාරය මෙහෙයවමින් දේශවාසීන් ගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙන් ඉතා උසස් මට්ටමේ සේවයක් ලබාදෙමින් සිටී.

WELCOME TO ARIYADASA BOOKSHOP

BESTSELLERS

2024

අලුත් පාසල් වාරයට විශේෂ දීමනා බලාපොරොත්තු වන්න.

Auteur is a monthly book review publication distributed to 400,000 avid readers through subscribing bookstores & public libraries.

Savanna Walker

/ Reporter

Auteur is a monthly book review publication distributed to 400,000 avid readers through subscribing bookstores & public libraries.

Vladimir Nabokov

/ Reporter
BLOG UPDATE

From our blog